colombotimes.lk
සිංහල | English

17 October 2024


කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ විදුහලේ නාමය වෙනස් වෙයි



මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් අනුමැතිය ලබාදී තිබෙනවා.                    

ඒ අනුව මෙම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යුහ කමිටුව මඟින් ඉදිරිපත් කර තිබූ යෝජනාව ආණ්ඩුකාරවරයා විසින් අනුමත කර තිබෙන බවයි වාර්තා වන්නේ.                 

පසු­ගිය වකවානුවේ කෙහෙළිය රඹුක්වැල්ලට විවිධ චෝදනා එල්ලවීමත් සමඟ මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංගමය ඇතුළු පාර්ශව රැසක් යෝජනා කර තිබුණා.   

(colombotimes.lk)