අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් අද (27) උදෑසන කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.
එලෙස කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය මේ වන විට මීගොඩ දුම්රිය ස්ථානයේ නවතා තිබෙනවා.
(colombotimes.lk)