කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 4 දෙනෙකුගේ පන්ති තහනම්



කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 4 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා. 

ඒ එහි ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධවයි. 
 
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කමිටුවක් පත් කර තිබෙන බව ද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සඳහන් කළා. 
 
ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහරදීමට අදාළ සිදුවීමට සම්බන්ධ සිසුන් පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමින් අභයන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය පැවසුවේ. 
 
එමෙන්ම සිද්ධියට මුහුණ පෑ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි. 
 
මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ඊයේ දවස පුරා වැඩවර්ජනයක නිරත වුණා. 
 
ඒ තම ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ඉල්ලමින්.
(colombotimes.lk)