රුපියල් 20,840,000ක් වටිනා මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක සැකකරුවෙක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පසුගිය මැයි 03වනදා සපුගස්කන්ද පොලිස් වසමේදී අවි පෙන්වා බිය ගන්වා මෙලෙස දෙකෝටියට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා තිබූ බවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
ඔහුව ඊයේ (08) උදෑසන කිරිඳිවැල පොලිස් වසමේ රඳාවාන, මාහේන හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)