10 May 2025


පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට



පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන්.

වැලිසර ළය රෝහලේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද (09) උදෑසන මියගොස් තිබෙනවා.
 
වසර 15ක පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සේවා කාලයක් සපුරා ඇති ඔහු පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවයට බැඳී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 

(colombotimes.lk)