13 June 2026

logo

කමේනිගේ අවමංගල්‍ය උත්සවය කල් දමයි



ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින 03ක් පුරා පැවැත්වීමට නියමිතව තිබූ මෙම අවමංගල්‍ය උත්සවය අද (04) අරම්භවීමට නියමිතව තිබූ බවයි.

උත්සවය පැවැත්වීමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ වන තෙක් එය කල් තබන බව සංවිධායකයන් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම උත්සවය පවත්වන නව දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

(colombotimes.lk)