කුවේට් රාජ්‍ය සිය ගුවන් කලාපය හරහා ගමන් කරන වෙනත් රටවල ගුවන් ගමන් සඳහා අවසරදීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එරට බලධාරීන් නිවේදනය කළේ ආරක්ෂක හේතූන් මත මෙම සීමා කිරීම් එළඹෙන මැයි 23වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම එම හඳිසි තීරණයත් සමඟ කුවේට් ගුවන් කලාපය භාවිතා කිරීම සඳහා මීට පෙර ලබාදී තිබූ සියලුම ගුවන් ගමන් අනුමැතීන් සහ බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)
