ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය සඳෙහි නවතම ඡායාරූප පෙළක් නිකුත් කර තිබෙනවා.
ඒ චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ අවසන් අදියර ආරම්භ වීමත් සමඟයි.
වික්‍රම් නැමැති ගොඩ බැසීමේ යානය මෙම ඡායාරූප පෘතුවිය වෙත ඒවා තිබෙනවා.
එතරම් ගවේෂණය නොකළ සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත රෝවරය රැගත් වික්‍රම් යානය ලබන 23 වැනිදා ගොඩ බැසීමට නියමිතයි.
වික්‍රම් ගොඩබැසීමේ යානය පෘතුවියට ඒවා ඇති කළු සුදු ඡායාරූප මගින් සඳ මතුපිට ඇති පාෂාණ සහ ආවාටවල සමීප දර්ශන පෙන්වා දෙන බවයි ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළේ.
එවා ඇති එක් ඡායාරූපයක අභ්‍යවකාශ මොඩියුලයද දැක්වෙන බව ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය පෙන්වා දුන්නා.
චන්ද්‍රයාන්-3 සහ රුසියාවේ ලූනා-25 මෙහෙයුම් වල අභ්‍යවකාශ යානා දෙක සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට ලබන සතියේ ගොඩ බැසීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)