22 May 2026

logo

දිස්ත්‍රික්ක 03කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි



දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 3කට අදියර 01 සහ 02 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා .

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවලටත් 02වන මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයට 01 මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)