දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාපතන තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව එම නිවේදනයේ සඳහන්.
එම නිවේදනයට අනුව නිවාඩු ලබා සිටින එවැනි නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.
කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)