16 May 2026

logo

අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයයි - ප්‍රදේශ රැසකට තද වැසි



ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පද්ධතියේ හැසිරීම, වර්ධනය  සහ ගමන් මාර්ගය පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවන බවයි.
 
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
 
එමෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

(colombotimes.lk)