13 December 2025

logo

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට



අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ. 

අත්අඩංගුවට ගත් සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අද (09) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 
(colombotimes.lk)