27 December 2025

logo

මැලේසියාවේ හිටපු අගමැතිට තවත් වසර 15ක සිර දඬුවමක්



මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී සිටින මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක් පැනවීමට එරට අධිකරණයක් ඊයේ (26) තීන්දු කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැලේසියාව තුළ මෙතෙක් සිදු වූ විශාලතම මූල්‍ය වංචාවට චෝදනා එල්ල සිටින නජීබ් රසාක්, 2022 වසරේ සිට මේ වන විට සිර දඬුවම් විදිමින් සිටී බවයි. 

එම සිර දඬුවම 2028දී අවසන්වීමට නියමිත පසුබිමක මෙම නව දඬුවම පනවා තිබෙනවා. 

කෙසේ නමුත් නජිබ්ගේ නීතිඥවරයා සඳහන් කළේ තීන්දුවට එරෙහිව එළඹෙන සඳුදා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. 

(colombotimes.lk)