මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ (18) රාත්‍රියේ සිට ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව, මහවැලි ගඟ ද්‍රෝණියේ දිඹුලාගල, එව්වලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලක්කමම් හා වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශ සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
මෙම ගංවතුර ඇඟවීමේ නිවේදනය අනිද්දා (21) පෙරවරු 7.30 දක්වා වලංගු බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)