රුපියල් මිලියන 150,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් වෙන්දේසියක් ලබන 22වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ දින 91න් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත්, දින 182න් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 70,000ක භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කරන බවයි.
වෙන්දේසියක් සඳහා ලංසු භාරගැනීම ලබන 22වනදා පෙරවරු 11.00 දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)