20 April 2025


කොටහේන ප්‍රදේශයේ මාර්ග රැසක් හෙට වැසෙයි



කොටහේන පොලිස් වසම සහ වෙරළබඩ පොලිස් වසම ඇතුළත මාර්ගවල හෙට (21) රථ වාහන ගමනාගමනය සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පවත්වන පාගමන සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය හේතුවෙන් මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කරන බවයි.

එම පා ගමන හෙට පෙරවරු 07.00ට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයෙන් ආරම්භ කර ගල්පොත්ත වටරවුමෙන් ගල්පොත්ත වීදිය හරහා ජම්පටා වීදියට ගමන් කර ජම්පටා වීදීය ඔස්සේ වෙරළබඩ ශාන්ත අන්තෝනී දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
 
ඒ අනුව හෙට පෙරවරු 07.00 සිට පෙරවරු 11.45 දක්වා වරින්වර වෙරළබඩ පොලිස් වසමේ මාර්ගයන් තාවකාලිකව වසා තබන බවත් ඇති විය හැකි රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය දැනුම්දී තිබෙනවා.





(colombotimes.lk)