රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ කැබ් රථයක් අද (20) අනතුරට පත්වී තිබෙනවා.
එහිදී කැබ් රථයේ ගමන් ගත් 08දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
වලපනේ නිල්දණ්ඩාහින්න අඹන්වැල්ල ප්‍රදේශයේදී කැබ් රථය මාර්ගය හරහා පෙරළීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් වලපනේ තිරිපැහැ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)