2025 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 මාර්තු මාසය සඳහා -2.6%ක් දක්වා වැඩිවී තිබෙනවා.
2025 පෙබරවාරි මාසය සඳහා එම අගය -4.2%ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම 2025 මාර්තු මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්‍යමය) 0.6% දක්වා වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.
එය පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වුණේ -0.2%ක් ලෙසයි.
මේ අතර පෙබරවාරි මාසයේ දී - 6.1%ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්‍යමය ) මාර්තු මාසය සඳහා -4.1%ක් දක්වා වැඩිවී තිබෙනවා.
(colombotimes.lk)