19 January 2025


රටවල් කිහිපයක් සඳහා Binance කාඩ්පත් නිකුත් කිරීම නවත්වයි



Mastercard සහ Crypto Exchange Binance ඔවුන්ගේ ක්‍රිප්ටෝ කාඩ්පත් වැඩසටහන් හතර ආර්ජන්ටිනාව, බ්‍රසීලය, කොලොම්බියාව සහ බහරේන් හි සැප්තැම්බර් 22 වන විට අවසන් කරන බව Mastercard හි ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා. 

Binance කාඩ්පත් මඟින් පරිශීලකයින්ට සම්ප්‍රදායික මුදල් වලින් ගෙවීම් කිරීමට ඉඩ ලබා දී ඇති අතර, එම හුවමාරුවෙහි ඇති ඔවුන්ගේ ගුප්තකේතන මුදල් ඒ හරහා ගනුදෙනු සඳහා යොදා ගැනීමට ඉඩ සලසා දී තිබුණා.
 
මෙම තීරණය මාස්ටර්කාඩ් හි අනෙකුත් කිසිඳු ක්‍රිප්ටෝ කාඩ්පත් වැඩසටහන් වලට බලනොපාන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
(colombotimes.lk)