ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට අද (05) මුද්‍රා තබා තිබෙනවා.
එම සමාගම ගෙවිය යුතු සුරාබද්ද සහ ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එහි මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අද සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඊයේ නියෝග කළා.
ඒ අනුව පැය හයකට වැඩි කාලයක් එහි සිදුකළ නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජාඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් හා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මුද්‍රා තැබීම සිදු කර තිබෙනවා.
colombotimes.lk