24 May 2026

logo

Meta සමාගමට ඩොලර් මිලියන 375ක දඩයක්



Facebook සහ Instagram හිමිකාරීත්වය දරන Meta සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 375ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් නියෝග කර තිබෙනවා. 

ඒ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සිය පරිශීලකයන් නොමඟ යැවීම හේතුවෙන්.

Meta සමාගමට අයත් වේදිකාවන් හරහා ළමුන් අනතුරට පත් කිරීම, ලිංගිකමය වශයෙන් පැහැදිලි දර්ශනවලට ඔවුන් නිරාවරණය කිරීම සහ ලිංගික අපරාධකරුවන් සමඟ සම්බන්ධ වීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් එම සමාගම වගකිව යුතු බව ජූරි සභාව තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් මෙක්සිකෝවේ නීතිපතිවරයා සඳහන් කළේ මෙය 'ඓතිහාසික' ජයග්‍රහණයක් බවත්, ළමා ආරක්ෂණ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාන්තයක් විසින් Meta සමාගමට එරෙහිව නඩු පවරා සාර්ථක වූ පළමු අවස්ථාව මෙය බවයි. 

(colombotimes.lk)