colombotimes.lk
සිංහල | English

07 May 2024

කෘෂිකර්ම ඇමති ඉරානයට



කෘෂිකර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26) ඉරානය බලා පිටත්ව ගියා.

ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා  සහභාගී වන අතර එහිදී ඉරාන කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවී නව කෘෂි තාක්ෂණික හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිතයි.

ඉරාන ජනාධිපතිවරයා මෙරටදී තමාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ ප්‍රදර්ශනයට සහභාගී වීමට තීරණය කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

(colombotimes.lk)