10වන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක තේරී පත්වී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගිය 21වනදා පැවැත්වූ අවස්ථාවේදීයි.
මේ අතර ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර තේරී පත්වී තිබෙනවා.
(colombotimes.lk)