කැළණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ කැළණි ගඟ ද්‍රෝණියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 300කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
ඒ අනුව සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැළණිය, වත්තල සහ කොළඹ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)
