09 May 2025


Moeen Ali නැවතත් එංගලන්ත සංචිතයට



තුන් ඉරියව් ක්‍රීඩක Moeen Ali විසින් ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමේ තීරණය වෙනස් කර තිබෙනවා. 

ඒ, එංගලන්ත නායක Ben Stokes ගේ ඉල්ලීමකට අනුවයි. 
 
ඒ අනුව එළඹෙන ජූනි 16 වෙනිදා එංගලන්තයේදී ආරම්භ වන අළුබදුන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු ක්‍රීඩා කිරීමට නියමිතයි. 
 
තරගාවලියෙන් ඉවත් කළ Jack Leach වෙනුවට Moeen Ali ක්‍රීඩා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
Jack Leach ගේ පිටේ සිදුවූ අස්ථි බිඳීමක් හේතුවෙන්, ඔහු තරගාවලියෙන් ඉවත් කර තිබුණා.
(colombotimes.lk)