ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ හිමිනමකගේ ගැටීමෙන් ඊයේ (16) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ පේරාදෙණිය පොලිස් වසමේ පේරාදෙණිය රජවත්ත මාර්ගයේදීයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අපවත්වී ඇති බවයි වාර්තා වන්නේ.
අපවත් වී හිමිනම වයස අවුරුදු 83ක් වූ බෝවලවත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩවාසය කළ හිමිනමක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)
