09 May 2025


NCC සහ Colts අන්තර් සමාජ අවසන් සටනට



ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට NCC ක්‍රීඩා සමාජය සහ Colts ක්‍රීඩා සමාජය අද (9) සමත් වුණා.

ඒ,කොළඹ P.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පුර්ව තරගවලදී.

ඒ අනුව Moors ක්‍රීඩා සමාජය කඩුලු 7කින් සහ Ace Capital ක්‍රීඩා සමාජය කඩුලු 5කින් පරාජයට පත්වුණා.

තරගාවලියේ අවසන් තරගය ලබන ඉරිදා (11) කොළඹ සිංහල සමාජ ක්‍රීඩාංගණයේදී (SSC) පැවැත්වීමට නියමිතයි.
(Colombotimes.lk)