චීනයේ නැංජින් නුවර පැවැත්වෙන ලෝක ගෘහස්ථ මළල ක්‍රීඩා ශූරතාවලියේ අද (22) පැවති මීටර 60 කඩුළු පැනීම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නදුන් කවීෂ සමත්වී තිබෙනවා.
ඒ 4වන මූලික තරගයට සහභාගී වූ ඔහු සිය ඉසව්ව තත්පර 7.87කින් අවසන් කිරීමත් සමඟයි.
එහිදී ඔහුට 5වන ස්ථානය හිමි වී තිබෙනවා.
මෙම ඉසව්වේ අවසන් පූර්ව තරගය මෙරට වෙලාවෙන් අද (22) පස්වරු. 5.20ට ආරම්භවීමට නියමිතයි.
(colombotimes.lk)