වසර 05ක් තුළ ජනතාව බලාපොරොත්තු වන ඉලක්කයට රට ඔසවා තැබීම රජයේ ඉලක්කය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු කියා සිටියේ ඉදිරි වසර 03 තුළ ජනතාව බලාපොරොත්තු වන ඉලක්ක සපුරාලීමට නිලධාරීන් කටයුතු කළ යුතු බවයි.
ඒ අනුව මෙම වසර තුළ සියලුදෙනා ඒ වෙනුවෙන් වැඩ කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)