අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිදු කළ කැඳවීම පිළිබඳ ලියකියවිලි ජනාධිපති අනුර කුමාර දිසානායකට රහසිගතව ලැබී ඇති බවට එල්ල වන චෝදනා අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ අප්‍රේල් 17වනදා තමා අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින්ම සමාජ මාධ්‍ය හරහා මහජනතාවට නිවේදනය කළ බවයි.
එමඟින් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම තොරතුරු ලබාගෙන ඇති බවත් අල්ලස් කොමිසම විසින් අදාළ තොරතුරු ජනාධිපතිවරයාට දැනුම්දී නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)