වසර 11ක් තුළ මෙරට උපත් අනුපාතය සීඝ්රයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න සඳහන් කළේ 2013 වසරේ උපත් තුන් ලක්ෂ පනස් දෙදහස් හාරසිය පනහක් සිදුව ඇති බවයි.
එහෙත් පසුගිය වසර වන විට එය දෙලක්ෂ විසිඅට දහස් අනූ එකක් පහළ ගොස් තිබෙන බව ඇය කියා සිටියා.
වෛද්‍ය විශේෂඥයන්ද පෙන්වා දෙන්නේ මෙරට වාර්ෂික උපත් අනුපාතය ලක්ෂයකින් පමණ අඩු වී ඇති බවයි.
ඒ පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය විය යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළා.
(colombotimes.lk)