01 January 2026

logo

නිව්යෝක් නුවර නගරාධිපති දිවුරුම් දෙයි



ඇමරිකාවේ නිව්යෝක් නුවර නව නගරාධිපතිවරයා ලෙස සොහ්රාන් මම්දානී අද (01) දිවුරුම් දී තිබෙනවා. 

ඒ නිව්යෝර්ක් නීතිපති ලෙටීශියා ජේම්ස් ඉදිරියේදීයි. 

ඇමරිකාවට 2026 වසර උදා වී විනාඩි කිහිපයක් තුළ නිව්යෝක් නුවර ඓතිහාසික සිටි හෝල් උමං දුම්රිය ස්ථානයේ පියගැටපෙළ මතදී සිදු වූ දිවුරුම් දීමේ උත්සවයට මම්දානීගේ බිරිඳ වන රාමා දුවාජිද සහභාගී වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය නොවැම්බර් මාසයේදී 34 හැවිරිදි සොහ්රාන් මම්දානී බහුතර ඡන්දයෙන් නිව් යෝක් නුවර නගරාධිපතිවරයා ලෙස තේරී පත්වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විරෝධය හමුවේ බවයි. 

(colombotimes.lk)