18 March 2025


දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට නව පත්කිරීමක්



දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් සේවය කළ ඩබ්ලිව්. ඒ. එස්. චන්ද්‍රසේකර පසුගිය පෙබරවාරි 28වනදා සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා තිබෙනවා.

ඒ අනුව පුරප්පාඩු වී තිබෙන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආර්. පී. එච්. ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරියක ලෙස සේවය කරනු ලබනවා.

(colombotimes.lk)