colombotimes.lk
සිංහල | English

07 May 2024

ලබන වසර අවසාන වන තෙක් මැතිවරණයක් නැහැ - පළාත් පාලන වැඩ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට



පළාත් පාලන, පළාත් සභා යන ආයතනයන්හි කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට අවස්ථාව ලබාදීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, ලබන වසර අවසාන වන තුරු මැතිවරණයක් නොපැවැත්වීමට රජයේ අවධානය යොමු වීම හේතුවෙන්.

ඒ අනුව ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ මධ්‍යම රජය යන අංශ තුනෙන්ම ජනතාවට සේවා සැපයීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ලබා දී ඇත්තේ, පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර මසක් ඇතුළත ඒ පිළිබඳව වාර්තාවක් සකසන ලෙසයි.

ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ මධ්‍යම රජය යන අංශ තුනෙන්ම එකම සේවාව සිදුවන අවස්ථාවලදී මුදල් නාස්තියකින් තොරව එම කටයුතු සිදු කිරීමට මෙම යාන්ත්‍රණය සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම්දී තිබුණා.

මේ වනවිට පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසා එහි සම්පූර්ණ පාලන බලය ඇත්තේ පළාත් ආණ්ඩුකාරවරුන් යටතේයි.

පළාත් පාලන ආයතනයන්හි බලය පළාත් ලේකම්වරුන්ට පැවරී ඇති බව සඳහන්.
(Colombotimes.lk)