02 April 2025


K8 ගුවන් හමුදා ජෙට් යානයේ දෝෂයක් නොමැති බවට අනාවරණයක්



වාරියපොළදී අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් K8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ  මඟින් තහවුරු වී ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවයි.

පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ, වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටී තිබුණා.

(colombotimes.lk)