01 April 2025


උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්



පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට එම ප්‍රතිඵල සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.

එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව මේ වන තෙක් විභාග දෙපාර්තමේන්තුව කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විවිධ මාධ්‍ය ඔස්සේ එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව පළවන සාවද්‍ය පුවත්වලට නොවරැවටෙන ලෙසයි.

(colombotimes.lk)