22 May 2025


24 වන IORA අමාත්‍ය මණ්ඩල රැස්වීමේ මුලසුන විජිතට



Indian Ocean Rim සංගමයේ (IORA) සභාපති ලෙස ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් IORA අමාත්‍ය මණ්ඩලයේ 24 වන රැස්වීමේ මුලසුන හොබවා තිබෙනවා.

රැස්ව සිටි පිරිස අමතමින්  අමාත්‍ය විජිත හේරත් ඉන්දියානු සාගර කලාපයේ සාමය, ආරක්ෂාව සහ තිරසාර සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්ථිර කැපවීම නැවත තහවුරු කළා.

ඔහු කියා සිටියේ සාමාජික රටවල් අතර අඛණ්ඩ සංවාදය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමූහික ක්‍රියාමාර්ග තුළින් මෙම ඉලක්කය සපුරා ගත හැකි බවයි.

(colombotimes.lk)