2025 අප්‍රේල් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්.
ඒ අනුව 2025 මාර්තු මාසයේදී -1.9 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 අප්‍රේල් මාසය සඳහා -0.8%ක් දක්වා වැඩි වී තිබෙනවා.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 මාර්තු මාසයේදී 0.8%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 අප්‍රේල් මාසයේදී 2.9%ක් දක්වා වැඩි වී ඇති බවයි.
එමෙන්ම 2025 මාර්තු මාසයේදී -4.1%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 අප්‍රේල් මාසයේදී -3.7%ක් දක්වා වැඩි වී තිබෙනවා.
(colombotimes.lk)
