කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (21) ඒකක 19.66කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,355.91ක් ලෙසයි.
එය 0.12%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.
මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් ලෙස සටහන් වී තිබෙනවා.