යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබෙනවා.
ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි.
එහිදී යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15වනදායින් පසු නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ යල කන්නයේ වැඩි බිම් ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් මෙලෙස කුඹුරු සඳහා ජලය මාර්තු මස 15වනදායින් පසුව නිකුත් කිරීමට සැළසුම් කර ඇති බවයි.
(colombotimes.lk)