04 March 2025


ඇත්දළ දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



ඇත්දළ දෙකක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (03) උඩවලව පොලිස් වසමේ මහආර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ උඩවලව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   

(colombotimes.lk)