04 March 2025


උයි­ගර් ජාති­ක­යන් 40ක් තායි­ල­න්තයෙන් පිටුවහල් කරයි



වසර 11ක කාල­යක් තායි­ල­න්තයේ රඳවා තබා­ගෙන සිටි චීනයේ උයි­ගර් ප්‍රජා­වට අයත් පුද්ග­ල­යන් 40දෙනෙක් රටින් පිටු­ව­හල් කිරීමට එරට බල­ධා­රීන් පිය­වර ගෙන තිබෙනවා.

එලෙස උයි­ගර් ජාති­ක­යන් රටින් පිටු­ව­හල් කිරීම ජාත්‍ය­න්තර මානව හිමි­කම් උල්ලං­ඝ­නය කිරී­මක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොමි­සම තායිලන්තයට චෝදනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජාත්‍ය­න්තර රැක­ව­ර­ණය අවශ්‍ය පුද්ග­ල­යන් සඳහා වන ජාත්‍ය­න්තර නීති­යට ගරු කරන ලෙස ඊට බැඳී සිටින තායි­ල­න්තයේ බල­ධා­රීන්ට අවස්ථා ගණ­නා­ව­කදී අව­වාද කළ බවත් එසේ පිටු­ව­හල් කළ පුද්ග­ල­යන්ගේ වත්මන් තත්ත්වය පිළි­බඳ තොර­තුරු හෙළි කිරී­මට චීනය පිය­වර ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොම­සා­රිස් වෝකර් ටර්ක් ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)