ශ්‍රී ලංකාවේ අනාගතය ඉදිරියේදී සුභදායී තත්ත්වයට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් ප්‍රකාශ කළා.
ඒ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනතාව රට හැර නොයන තත්ත්වයකට අනාගතයේදී පත්වන බවයි.
එමෙන්ම පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේදී මෙරටට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් ප්‍රකාශ කළා.
(colombotimes.lk)