13 December 2025

logo

වසර 04කට පසු හොංකොංවල විශාලතම කොටස් අලෙවියක්



චීන විදුලි වාහන නිෂ්පාදක BYD ප්‍රාථමික කොටස් අලෙවියකින් ඩොලර් බිලියන 5.59ක් රැස්කර ගෙන තිබෙනවා.

එය වසර 04කට පසු හොංකොං හී සිදු වූ විශාලතම කොටස් අලෙවිය බවයි වාර්තා වන්නේ.

මෙම ගනුදෙනුවේ ප්‍රාථමික කොටස් මිලියන 129.8ක් විකුණා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය ඊයේ (03) ගනුදෙනුව දියත් කරන විට සැලසුම් කර තිබූ මුල් කොටස් මිලියන 118ට වඩා ඉහළ අගයක් බවයි.

(colombotimes.lk)