නුවරඑළිය, නානුඔය පාමස්ටන් වතුයාය තුළ තිබී මිය ගිය කොටියෙක්ගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
වනජීවි නිලධාරීන් සඳහන් කළේ නුවරඑළිය වනජීවී අඩවියේ 2023 වර්ෂයෙන් පසු හමුවූ පළමු කොටි මරණයද මෙය වන බවයි.
තවත් සතෙක් සමඟ සිදු වූ ගැටුමක් හේතුවෙන් එම සත්ත්වයා මියයාම සිදු වන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළකර තිබෙනවා.
මියගිය සත්ත්වයා වයස අවුරුදු 1-2 අතර පසුවන ගැහැණු සත්ත්වයෙක් වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)