04 March 2025


කැනඩාවට සහ මෙක්සිකෝවට 25%ක තීරු බද්දක් අද සිට



මෙක්සිකෝව සහ කැනඩාව සඳහා 25%ක තීරු බදු ඉහළ දැමීම අද (04) සිට ක්‍රියාත්මක වන බව එක්සත් ජනපද ජනාධිපති Donald Trump පවසනවා.  

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පියවර වළක්වා ගත හැකිද යන්න පිළිබඳව සති ගණනාවක් තිස්සේ පැවති සමපේක්ෂන අවසන් බවයි.

මෙක්සිකානු සහ කැනේඩියානු නිලධාරීන් මගක් සොයා ගැනීමට උත්සාහ කළද මෙම පියවර ඉදිරියට ගෙන යන බව ඇමරිකානු ජනපති Donald Trump වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)