09 May 2025


ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම ගැන දැනුම්දීමක්



2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි.

පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන දෙමාපියන් විසින් නිසි පරිදි  සම්පූර්ණ කළ යුතු වනවා.

සම්පූර්ණ කළ අයදුම්පත්‍ර විදුහල්පති වෙත නැවත භාර දිය යුතු බවත් විදුහල්පති විසින් 2025.03.25 දිනට පෙර මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමට කටයුතු කළ යුතු බවත් දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)