17 April 2025


කාලසටහනකට අනුව ජල සැපයුම ලබාදීම ගැන දැනුම්දීමක්



ජල සම්පාදන මණ්ඩලයේ ඇතැම් ප්‍රාදේශීය ජල සම්පාදන මධ්‍යස්ථාන මගින් නිෂ්චිත කාල සටහනක් අනුව ජලය පාරිභෝගිකයින්ට බෙදා හරින බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. 

ඒ වියලි කාලගුණය නිසා නිසා ප්‍රමාණවත් ජලය නොමැති වීම හේතුවෙන්. 
 
ඒ අනුව තංගල්ල ප්‍රාදේශීය ජල මධ්‍යස්ථානයෙන් ජලය බෙදා හැරීම මේ වනවිට කාල සටහන් අනුව සිදු කරන බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සැලසුම් අධ්‍යක්ෂ අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ. 
 
ඊට අමතරව ඇතැම් ප්‍රදේශවලට ජල බවුසර් යොදා ගෙන ජලය බෙදා හරින බව ද ඇය සඳහන් කළා. 
 
එමෙන්ම නිකවැරටිය, හෙට්ටිපොළ, මහනුවර පුස්සැල්ලාව, ගම්පොලවත්ත යන ප්‍රාදේශීය ජල මධ්‍යස්ථානවල ද ජලය බෙදා හැරීම කාලසටහන් අනුව සිදු වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. 
 
මේ අතර හෙට දිනයේදී ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ කිහිපයක් පිළිබඳව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම්දෙනවා. 
 
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජල සැපයුම පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ. 
 
ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. 
 
එහිදී අළුත්ගම, මතුගම, අගලවත්ත, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගානගරය පිලමිනාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශයන්ට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.
(colombotimes.lk)