09 July 2025

logo

කොංගෝ ජනරජයේ 50කට දිවි අහිමි වෙයි



කොංගෝ ජනරජයේ බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 50දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොංගෝ ගංගාවේ බන්දකා නගරය ආසන්නයේදී බෝට්ටුව ගිනිගෙන පෙරළී ඇති බවයි.

අනතුරෙන් මගීන් සිය ගණනක්ද අතුරුදහන් වී තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අනතුර සිදු වන අවස්ථාවේදී එහි මගීන් 400ක් ගමන් ගත් බවයි.

(colombotimes.lk)