07 July 2025

logo

බස් රථ සේවා සම්බන්ධයෙන් පැමිණිලි රැසක්



අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 143ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ වැඩිපුර ගාස්තු අය කිරීම, මගීන්ට ආචාරශීලී නොවීම හා වේගයෙන් රිය ධාවනය කිරිම ඇතුළු පැමිණිලි රැසක් ඒ අතර වන බවයි.

එම සියලු පැමිණිලි විභාගය ලබන 21වනදාට පසුු ආරම්භ කරන බවද ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළා.

මේ පිළිබඳව පැමිණිලි පවතී නම් 1955 ක්ෂණික දුරකථන අංකය අමතා යොමු කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
 
උත්සව සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ලබන 21වනදා දක්වා විශේෂ බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

(colombotimes.lk)